Sublime Text 3 Build 3083

Sublime Text  3 Build 3083

ඔන්න අද ගෙනාවේ coding කරන අපේ අයගේ ආසම IDE එකේ අලුත්ම එක. මේකේ plugins ටිකක් ගැනත් කියන්න එක්ක තමයි ආවේ..වැඩි කතා කියන්න දෙයක් නැ මේ ලෝගෝ එක දැක්කම ඕන කෙනෙක් දන්නවා..
මෙන්න මතන තියෙනවා x86 , x64 දෙකම
Build 3083 x64 bit - Download link
Build 3083 x86 bit - Download link

Build 3065 x64 bit - Download link මේක පරණ version එකක්.ඒ උනාට එකෙනුත් වැඩ කරගන්න පුළුවන්.

දැන් plugins ගැන කතා කරමු,

plugins නිකම්ම install කරන්න බැ, එකට පොඩි දෙයක් කරන්න ඕන.
1. මුලින්ම මේ site එක යන්න sublime package install
2. ඊළඟට එකේ තියෙන මෙන්න මේ code එක copy කරගන්න.
3. ඊට පස්සේ sublime එක open කරගෙන, Ctrl + `මේ key press කරලා හරි
View > Show Console ගිහින් Console එක open කරලා අර copy කරගත්ත code එක paste කරලා enter press කරන්න.
මෙන්න මේ වගේ


හරියට code එක install උනානම් මෙහෙම එන්න ඕන..


දැන් අපිට ඕන packages install කරගන්න පුළුවන්.

Ctrl + Shift + P press කරාම මෙන්න මේ වගේ dialog box එකක් එනවා..

ඊළඟට එක 'install ' කියල type කරන්න.

එතකොට මේවගේ එකක් එනවා..

 එකේ අපිට ඕන packages වල නම් තෝරලා install කරගන්න පුළුවන්.


ඕනවට වැඩ plugins දාගන්න යන්න එපාඔයාලට code කරන එක එපාවෙයි එහෙම උනාම..ඒ නිසා ඕනෑම ටික විතරක් දා ගන්න..

දැන් කියන්නම් web developing කරන අයට වැදගත් වෙන plugins ටිකක්.

1. BracketHighlighter - මේකෙන් වෙන්නේ open , close  brackets පෙන්නන එක.

2. LiveReload - මේක අපි කරන code වෙනස්කම් එක්ක browser එකේ සජීවී වෙනස් වෙනවා.

3. SideBarEnhancements - මේකෙන් sublime එකේ side bar එකේ features ටිකක් වැඩි කරගන්න පුළුවන්.

4. Color Highlighter - අපි css code ලියනකොට ඒවායේලියන color code ඒ නියමිත color එකෙන් select වෙනවා.

5.  Can I Use - මේක css code මොන browser වල වැඩ කරනවද කියල බලාගන්න පුළුවන්.

6. Colorpicker - css code ලියනකොට color select කරගන්න මේ plugins එකෙන් පුළුවන්.එතකොට color code මතක තියාගන්න ඕන නැ, කොහෙන්වත් හොයන්න ඕනත් නැ. Ctrl + Shift + C press කරලා color plate එක ගන්න පුළුවන්.

7. Emmet - මේකේ ලේසියෙන් code ලියන්න පුළුවන් විදියක්.

8. Autoprefixer -  css code අනෙක් browser වලට ගැලපෙන විදියට code generate වෙනවා මේකෙන්..

9. Live Style -  මේකෙන් වෙන්න අපි browser එකෙන් 'inspect element ' එකේදී කරන වෙනස් කම් අපේ code එකේ සවේ කරගන්න පුළුවන් වෙන එක.

10. HTML5 snippets - HTML5 code එකට අදාළ සියලුම මුලික tag auto generate වෙනවා.

හිතුවට වඩා පොස්ට් එක දිග උනා  කමක් නැ වැදගත් දෙයක් දුන්න කියල හිතනවා.. බලන අයගේ අදහස් කොහොමද කියල දැනගන්න අසයි.. ඒ නිසා comment එකක් දාලා යන්න අමතක කරන්න එපා..




0 comments: