Make a First Android Application Using eclipse IDE



අද කට්ටියට කියල දෙන්න යන්නේ Android App නිර්මාණය කරන ක්‍රමය ඒකට අපි Eclipse IDE යොදාගන්නව,

 මුලින්ම  Eclipse IDE භාගත කරගන්න හැබැයි Eclipse වැඩකරන්න RAM 2GB,CPU Dual Core 2.8 වත් ඔන නැත්නමි Android Virtual Devices වැඩ කරන්න අපහසුයි, මේ ලින්ක් මගින් ඩවුන්ලෝඩ්කරගන්න http://developer.android.com/sdk/index.html

 


මේ සයිට් ඒකට ගිහින් Download for Other Platform ලින්ක ඒක කිලික් කරල ඔයාලගෙ පරිගණකයට ගැලෙපන ෆයිල් ඒක ඩවුන්ලෝඩ් කරගෙන, C:\ ඩිස්ක් ඒකට
Extract කර ගන්න පසුව C:\adt-bundle-windows-x86-20140321\adt-bundle-windows-x86-20140321\eclipse වෙත ගෙස් eclipse කිලික් කරල විවෘත කර ගන්න.
 


eclipse විවෘත කරගෙන File> New> Android Application Project වෙත පිවිසෙන්න

පසුව අපේ අැප් ඒකට නමක් ලබාදෙන්න Target Platform ඒක API Level ඒක තෝරන්න මෙතනින් තෝරන්න API Level / Platform ඒක පුලුවන් තරමි පරණ ඒකක් තෝරගන්න.
ඔයාලට ගැලපෙන විදිහට නමක් දෙන්න සියල්ල අවසානයේ Next විධානය ක්‍රියාත්මක කරන්න.ඉදිරියට Next කරගෙන යන්න අැප් ඒකට ඔයාලට Launcher Icon යොදගන්න පුලුවන් හැබැයි (.png) වර්ගයේ image file යොදාගන්න.
දැන් අැප් ඒක‍ේ මූලික සැකසුම් අවසන්. අපි මේ IDE ඒක‍ේ මූලික Windows මෙනවද බලමු.
මේ තියෙන්නෙ ප්‍රධාන වින්ඩෝව. Android Application ඒකක් හැදෙන්න Java සහ Xml භාෂාදෙකම යෙදාගන්නව (User Interface) අතුරුමුහුණත් නිර්මාණයට Xml භාෂාවත් (Event Handling) විධාන හැසිරවීමට Java භාෂාව යෙදාගන්නව.

  1. Package Explorer -අැප් ඒකට අදාල පැකේජ් අතුරුමුහුණත් සියල්ල මෙහි අන්තර්ගත වෙනව.
  2. Layout Explorer - අැප් ඒකට අවශ්‍ය අැතුරුමුණත් සහ කේතනය කිරීමට මෙම කොටස උපයෝගී කරගන්නව.
  3. Active Layout - දැනට වෙනස්කම් සිදුකරන අතුරුමුහුණත හෝ කේතන පිටුව දැකගත හැක.
  4. Editor/Designer Toggle Area - මෙම කෙටස දැකගන්න පුලුවන් වෙන්නෙ අතුරුමුහුණත් සකසන අවස්ථාවෙදී පමණයි.
  5. Widgets Palette - අතුරුමුහුණත් නිර්මාණයට අවශ්‍ය Component සියල්ල මෙහි අන්තර්ගතයි.
  6. Layout Outline - නිර්මාණය කරන අතුරුමුහුනතේ සැකැස්ම දැකගැනීමට හැකි අතර පහසුවෙන් අතුරුමුණත සැකසිය හැක.
අපි නිර්මාණය කරන අැප් ඒක ධාවනය කරන්න ධාවකය සකසාගන්න ඔන ඒකට Window > Android Virtual Device Manager විධානය ක්‍රියාත්මක කරන්න
පසුව මෙම වින්ඩෝව තුලින් අපට New Device කිලික් කර අළුත්ම Device ඒකක් සදාගන්න පුළුවන් නැත්නම් පහත අැති ලැයිස්තුවෙන් දැනට භාවිතයේ අැති Android Device ඒකක් තෝරන්න පසුව Create AVD විධානය තෝරාගන්න.
අපි තෙරාගන්න උපකරණයේ 01) මතක ධාරිතාව 02) බාහිර ගබඩා ධාරිතාව සැකසීම සිදුකරගන්න මෙහිදී ඔබේ පරිගණකයේ මතක ධාරිතාව 4GB නමි පමණක් 768MB ලබාදෙන්න නැතිනම් 512MB ලබාදෙන්න.

සියල්ල නිවැරදිව සැකසීමෙන් පසුව Android Virtual Devices තුල අපි නිර්මාණය කරණ ලද ධාවකය දැක ගත හැක.
ධාවකය නිර්මාණයට පසුව අපි නිර්මණය කරන ලද අැප් ඒක ධාවනය කර ගැනීමට ඒය මත Right Click > Run As > Android Application විධානය තෝරන්න.
ඔබ නිර්මාණය කරන ලද අැප් ඒක සාර්ථකව ධාවනය වන අයුරු දැකගත හැක.
නැවතත් අැන්ඩොයිඩ් පාඩමකින් හමුවෙමු. (tw)...

0 comments: