About MediaFire

අද පොඩි වෙනස් දෙයක් කියල දෙන්න හිතුව..හැමදාම වගේ මේකත් කියල දෙන්න දන්නේ නැති අයට..මන් දන්න දෙයක් කියල දෙන්න දෙපාරක් හිතන්නේ නැ..



මේක cloud storage එකක්..මොකක්ද බන් මේ cloud storage කියන්නේ..මෙහෙම හිතන්න , අපි data  save කරනවනේ hard එකේ.අන්න ඒ වගේ වැඩක් තමයි වෙන්නේ.එත් මේක ඊට වඩා වෙනස්..ඒ මොකද දන්නවද ? මේකේ save කරන file save වෙන්නේ අපේ hard එකේ නෙමෙයි..මේවා save වෙන්නේ online server එකක..ඒ කියන්නේ මේකේ data save කරන්නනම් අපිට අන්තර්ජාලය ඕන කියල කියන්න ඕන නැනේ..මෙහෙම cloud storage එකක save කරන එකේ වාසියක් තියෙනවා..මොකද අපේ hard එකට මොකක්හරි හානියක් උනොත් අපේ data අපිට නැති වෙන්න පුලුවන්..මේ වගේ එකක දාලා තිබුනම එහෙම නැති වෙන්නේ නැ..ම්ම්.. මන් හිතන්නේ මන් කියන්නේ මොකක්ද කියල තේරුම්ගන්න පුළුවන් වෙන්න ඇති..

මෙහෙම එක එක server වල අපේ data දාන එක ආරක්ෂිතද කියල කෙනෙක්ට හිතෙයි..මේ වගේ ගොඩක් cloud storage තියෙනවා.ඒ අතරින් විශ්වාස එකක් හොයාගන්න ඕන..ඒ අතරින් මේක විශ්වාස එකක්..

දැන් විස්තර කිව්වා ඇති වගේ..කොහොමද පාවිච්චි කරන්නේ කියල බලමු...

මුලින්ම site එකට යන්න.. https://www.mediafire.com/


 මේ වගේ page එකක් එන්න ඇති..අපි මේකෙන් free දෙන එක තමයි හදාගන්න යන්නේ..එකෙන් අපිට 10GB free දෙනවා..එක වැඩි කරගන්න පුළුවන්.මන් එකත් කියල දෙන්නම්..
මේ ටික පුරවල 'I agree to the Terms of service' ටික් එක දාලා 'create account & continue' කරන්න..මෙතැනදී valid email එකක් දෙන්න..facebook account එක use කරලා උනත් signup වෙන්න පුළුවන්..එත් හිතට හරි නැ වගේනම් email එකක් දීල account එක හදන්න..එහෙම හැදුවම ඔයාගේ email එකට mail එකක් ඒවි confirm කරන්න කියල.එකත් confirm කරන්න..දැන් ඔයාගේ account එකට log වෙන්න..මගේ account එකේනම් මෙහෙම තමයි පෙන්නේ :D :D
57GB තියෙනවා නේද..? එක ගන්න හැටිත් කියල දෙන්නම්... :D

දැන් බලමු මේකට file upload කරන විදිය ගැන...
උඩින් තියෙන upload කියන button එක click කරන්න..අපිට ක්‍රම දෙකකට file upload කරන්න පුළුවන්..
1.අපේ PC එකේ තියෙන file
2.වෙබ් එකෙන්..(මෙතනදී අපිට අවශ්‍ය file එක තියෙන location එකේ link එක දෙන්න ඕන.)

අපි pc එකේ file එකක් upload කරන විදිය බලමු..
From computer click කලවිට මේ වගේ එකක් ඒවි.මේකට ඔයාගේ pc එකේ තියෙන file/s drag and drop කරන්න පුළුවන්..නැත්තම් file එකේ location එක select කරන්න පුළුවන්.. ලේසිම වැඩේ ඉතින් drag & drop එකනේ.. නෙහ්..?? :D එහෙම කරමු...මෙන්න මේ වගේ... ;)
ඊටපස්සේ මේ වගේ select වෙලා තියේවි..

දැන් Begin Upload button එක click කරන්න..එතකොට file එක upload වෙන්න පටන් ගන්නවා..upload එක complete උනාම 'Return to my file' click කරන්න..
අපි upload කල file එක මේ වගේ අපේ file list එකේ තියෙනවා..ඒ වගේම මේකේ විවිද option තියෙනවා..

Copy link -අපේ file එකේ link එක..
Share - file එක social media වලට share කරන්න පුළුවන්..
Download - file එක download කරගන්න.
View - file එක view කරන්න .
Move - file එක folder එකකට move කරන්න.
Copy file to - file එක folder එකකට copy කරන්න.
Rename - file එක rename කරන්න
Description - file එක පිලිබඳ විස්තරයක් ඇතුලත් කරන්න.
Previous version -එකම file එක කිහිප සැරයක් upload කර ඇත්නම් ඒ පිළිබද විස්තර.
Move to Trash - file එක තාවකාලිකව delete කරන්න..

මේ වගේ option තියෙනවා...

දැන් බලමු අපේ space වැඩි කරගන්න විදිය ගැන..මෙතනට යන්න

එතකොට මේක ඒවි..
account එකනම් upgrade කරන්න බැනේ..අනිත් ඒවා කරාම අපිට space එක වැඩි කරන්න පුළුවන් වෙයි..මන් එහෙමයි කරේ..

ම්ම්..ටිකක් වෙලා අරගෙන පොඩි දෙයක් කියල දුන්න..වැඩක් වෙයි කියල හිතනවා..


0 comments: