How to Safe from Hackers (1)

පරිගනකයක ඇති තොරතුරු නම් වෙන කෙනෙකුට ලබා ගන්න පුළුවන් .බොහෝවිට සිතන්නේපරිගණකයකින් යම් කෙනෙක් වැඩ කරනවිට භාවිත කරන නොයෙක් උපක්රම සහ අපි කරන දේවල් තවත් කෙනෙකුට බලාගන්න බෑ කියලා. එත් පරිගණකයකට 'ඔත්තු බලන' හෙවත් Spyware මෘදුකාංගයක් ඉන්ස්ටෝල් කලේ නම් එසේ කරන වැඩ වෙනත් අයට බලාගන්න පුළුවන්.ලෝකයේ සමහර අය පරිගනකවලදී කරන වැඩ මොනවාදැයි දන ගැනීමට ඉන්ටනෙට් සමග සම්බන්ද පරිගණක වලට, spyware ඉන්ස්ටෝල් කරවන්නෝ ඉන්නවා ඕන තරම්..උන්ට තමයි  කියන්නේ හැකර්කරුවන් කියල.(Hackers)


ස්පයිවෙයා නිසා මතුවන අනතුරු



පරිගනකයක ස්පයිවෙයා තිබීම ආකාර 2 කින් හානිකර වෙනවා.

  •    අපගේ ඉ - මේල් අකවුන්ට්, ෆේස් බුක් අකවුන්ට්, ක්රෙඩිට් කාඩ් නම්බර්ස් වැනිදෑ හකර්කරුවට කැමති ලෙස භාවිතා කිරීමට පුළුවන්.
  •     ඉන්ටනෙට් සමග සම්බන්ධ වී පරිගණකයෙන් වැඩ කරන විට අපගේ රුචි අරුචිකම් එළිවෙනවා.ඒ අප පිවිසෙන වෙබ් අඩවි වර්ග අනුවය..නැත්තම් අපි ඩව්න්ලෝඩ් කරන ඉමේජ් , වීඩියෝ සහ වෙනත් ඇප්ලිකෙශන් වලිනි.මෙම වෙබ් හැසිරීම ගැන රැස් කරන දත්ත හැකර්කරුවන් විසින් අලෙවිකරණ සමාගම් වලට විකුණනු ලබයි.මෙවිට අපගේ රුචි අරුචිකම් වලට අදාළ විවිධ භාණ්ඩ හා සේවා ගැන වෙළද දැන්වීම් හා දැනුවත් කිරීමේ තොරතුරු ඇති ඉ-මේල් අපගේ මේල් බොක්ස් එකට ලැබේ.එසේම ඉන්ටනෙට් හා සම්බන්ධ වූ විට කලින් කි මාතෘකා වලට අදාළ වෙළද දැන්වීම් හා පොප්-අප් බොක්ස් මතුවේ.කලක් ගතවන විට ඉන්බොක්ස් එකට ලැබෙන මේල් වලින් 85% ක් පමණ මෙම දැන්වීම්වලට අදාළ ඉ-මෙල්ය.එසේම ඉන්ටනෙට් වෙත ගිය ගමන් පොප්-අප් වලින් අපේ ස්ක්රීන් එක පිරී යයි.

පරිගණකයේදී අප වැඩකරන ආකාරය හකර්කරුවන්ට ලබාදෙන මෘදුකාංග පොදුවේ හදුන්වන්නේ ස්පයිවෙයා කියල.ඒවා අතරින් දැන් වැඩිපුරම භාවිතා වන මෘදුකාංග වර්ග දෙකකි.ස්පයි (SPY) සහ කී ලොගර් (key logger ) යනු ඒවාය.

( ඊ ළඟ Post එකෙන් Spy ware වර්ග ගැන කතා කිරීමේ බලාපොරොත්තුවෙන් දෙනාට සමු ගන්නෙමි.ඔයාලගේ comment අපිට ගොඩාක් වටිනවා.)

0 comments: