How to Safe from Hackers (2)

ඔන්න මම පොරොන්දු වුන විදියටම කලින් ලිපියේ තව කොටසක් අරගෙන අවා.( අන්තර්ජාලයේදී හකර්කරුවන්ගෙන් ආරක්ෂා වන හැටි (1) ලිපිය හා සම්බන්දයි)

වැඩි පුරාම තිබෙන ස්පයිවෙයා වර්ග1.ස්පයි යනු යම් පරිගණක ක්රියාකාරකම් පිළිබද මුලික තොරතුරු රැස් කොට යවන මෘදුකාංග වර්ගයකි.

  • පරිගණකයේ ධාවනය කරවනු ලබන වයිරස් ගාඩ්(Virus guard), ෆයර්වෝල්(Fire wall) යනාදී ආරක්ෂක වැඩසටහන්වල සිට Win amp , MS Office වැනි සාමාන්ය වැඩසටහන් දක්වා වන සියලු වැඩසටහන්වල නම් භාවිත කරන වෙලාව ආදී විස්තර ස්පයි (Spy) වැඩසටහන් මගින් රැස් කරයි.
  • සම්බන්ධ වූ වෙබ් පිටුවල විස්තර,
  • ලබාගත් Screen Shot (ස්ක්රීන් ෂොට්) එකකින් පෙන්වන තොරතුරු,
  • මවුසයකින් ක්ලික් කරන විට එම වින්ඩෝවේ තොරතුරු හෝ
  • photo - Enter key press කරන විට වින්ඩෝවේ තොරතුරු හෝ
  • photo - ෆයිල්ස් කොපි කරන විට, සේව් කරන විට , ඩිලීට් කරන විට ඒ හා අදාළ තොරතුරු 
යනාදී විස්තර රැස් කොට තබා තැබීමට ස්පයි එකකට පුළුවන්.එසේම පරිගණකයේ හාඩ්වෙයා විස්ටරද ස්පයි වැඩසටහන් මගින් රැස් කරයි.

2.කීලොගර් යනු, යතුරු පුවරුවෙන් ටයිප් කරන සියලුම දේවල්, අදාළ වින්ඩෝ එකෙහි නමත් සමගම එක්රැස් කොට යවන මෘදුකාංග වර්ගයකි. කී ලොගර් විශේෂ මෘදුකාංගයකි.word document එකක යම් ලිපියක් ටයිප් කර කියල හිතන්නකෝ.එතකොට එම සම්පුර්ණ ලිපියම කී ලොගර් එකට ලැබෙනවා. ඉ-මේල් අකවුන්ට් එකකට ලොග් කලේ නම් එම වචනයද එහි රැස් වේ.මෙසේ ස්පයිවෙයා වැඩසටහන් ක්රියාත්මක කරවන ක්රම දෙකකි..

 ( හම්මෝ...මට මහන්සි දැන් ..තව ටිකක් තියෙනවා..ඒ ටික තව ලිපියකින් ඉක්මනට දාන්නම්.....මේවා සිංහලෙන් ටයිප් කරනවා කියන්නේ එපා වෙන වැඩ..ඒ වුනාට අපේ වැඩේ හරියට කරන්න ඕනනේ...මෙකට් හොඳනම් comment  එකක් දන්නා අමතක කරන්න එපා..හොඳද..)

මේ ගැන ගොඩක් විස්තර තියෙනවා කියන්න ඔක්කොම එකපාර දැම්මොත් කියවන්න හිතෙන එකකුත් නැ.ඒ නිසා පොඩ්ඩ..පොඩ්ඩ දාන්නම්..


0 comments: